Saturday, May 11, 2013

රෙහානා







අඳුන් සිහින දහසයවැනි කොටස

 රිදීමා පින්තූරය දෙස බලාගත් වනම බිමට පාත්වනු මහීකාත්, අමාත්, පිංචිත් දුටුවේ එකවිටය.

අම්මා...”  රිදීමාගේ මුවින් පිටවූයේද, සිතට ආ එකම සිතිවිල්ල වූයේද අම්මාය. බිත්තියේ එල්වා තිබුණේ සුදු මැණිකේගේ හෝ සුදු බේබිගේ පින්තූරයක් නොව අම්මාගේ පින්තූරයකි.

අමා, රිදීමා හාන්සි කළාය.

පිංචි ගිහින් කොට්ටයක් හොයාගන වරෙන්. සුදු බේබිගේ කාමරෙන් බේබිට පොරවන්න රෙද්දකුත් අරන් වරෙන්....

පිංචි මුදාහල කිරිල්ලියක් මෙන් ඉගිලූණාය.

මොකද උණේ ?” මහීකා ඇසුවාය.

මේ පොඩි කලන්තයක් !අමා පැවසුවේ, රිදීමා වෙතින් නෙත් ඉවතට ගනිමිනි. මෙතන නිකං මනුස්සයෙකුටත් හුස්ම ගන්න බැරි එකේ රිදීමාට කලන්තේ දාන එක පුදමයක්යැ.

හැබැයි ඒක උණේ අර පින්තූරේ දැකලා...මහීකා පැවසුවාය.ඒකේ ඉන්න ගෑනුකෙනා හරියට රිදී වගේ...ඊළඟට ඇය මුමුනාගත්තේ තමාටමය. අමාද සෙමෙන් නැගිට ඒ වෙත ආවාය.

ඡායාරූපයෙහි වූයේ, තාමත් තරුණ වියෙහි උන් කාන්තාවකි. ලිහිල්ව ගොතන ලද, රැළි ගැසුණු ඇගේ දිගු කෙස් කළඹ එක් උරයකින්, ළය මතට වැටිණි. ඇගේ උඩුකය වැසී තිබුණේ චාම්, සුදු බ්ලවුසයකිනි. උස්කර වටා රේන්දයක් දිවගිය අතර, ඒ අතරින් යැවූ රිබන් පටිය, ගෙල මුලට වන්නට ගැට ගසා තිබිණ. ඇය ඡායාරූපයට මුහුණ දී සිටියේ සිනාව උතුරන මුහුණකිනි. විකසිත දෑසකිනි. ඇය යොවුන් වියේදී රිදීමාබඳුම වන්නට ඇතැයි අමා කල්පනා කළාය. ඇගේ දෑස, සිනහව සියල්ලම රිදීමාගේ බඳුවිය.

අම්මගේ කපාපු පලූව...”  රිදීමා දෙස බැලූ මහීකා සිතුවාය.

කියලා වැඩක් නෑ....”  ඇගේ සිත දුටුවාක් මෙන් අමාද පැවසුවාය.

බිම දිගාව හුන් රිදීමාට, තම යෙහෙලියන්ගේ කතා නෑසිණි. ඇය සිටියේ වෙනත්ම ලොවකය. වෙනස් රූපරාමු ගොඩක් අතරය. තට්ටු නිවසකැයි සිතිය හැකි වූ වඩා විශාල නොවූ නිවසක, සාලයේ කුඩා රිදීමා හිඳ සිටියාය. ඇගේ මුහුණ සිනහවෙන් පිරී තිබුණේය. අම්මාඇය දෙස නැවී, කුමක්දෝ පැවසුවාය. රිදීමාගේ මුවට නැගුණේ සුරතල් වදනකි. අම්මා වෙතින් වහනය වූයේ කුමක් හෝ මල් සුවඳකි. අහවල් දෙය යැයි අල්ලා ගත නොහැකි අන්දමේ අපූරු, සියුම් සුගන්දයකි.  එක්කොට බැඳ තිබුණු කෙහෙරැළි අවුල්ව මුහුණට වැටී තිබිණි. ඇගේ මුහුණේ වූ සිනහව, රිදීමාගේ සිත පුබුදු කළේය. ඇය යමක් කියමින්, තමාට යමක් කවනු රිදීමා දුටුවාය. ඒ සමගම ඇය පසෙකට හැරී, තවත් කාටදෝ කවනු ඈ දුටුවාය.

දඩාං....අම්මා අතවූ පිඟාන විසිවී ගියේය. එහි වූ ආහාර සියල්ල සාලය පුරා පැතිරිණ.

ඇයි චූටි මැණිකේ ?” යැයි අසමින් සාලයට දිව ආවේ තරබාරු ගැහැනියකි. බියට පත් රිදීමා  හැඬීමට පටන්ගත්තාය. ඇය තුරුලට ගත් අම්මා, “නෝටි සුද්දිපසෙක වූ තවත් දැරියකට කීවාය. දැරියගේ මුහුණ දුටු රිදීමා තුළ පැතිරගියේ දැඩි ආදරයකි. සතුටකි. ශෝකය මිශ‍්‍ර පසුතැවිල්ලකි. එමෙන්ම බියකි. ඇගේ රුව රිදීමාට සමාන වූයේ, ඇගේ කෙස් කළඹ වඩා රැළි ගැසී තිබීමත්, ඒ දෑසෙහි වූ දඟකාර ගතියත්,දෙතොලෙහි වූ මුරණ්ඩු සිනාවත්ය. ඈ නිහ`ඩව අම්මා දෙස බලා සිටියාය.

මොකද මේ කළේ ?” අම්මා ඇසුවේ නෝක්කඩුවක ස්වරූපයෙනි.

සුදුමැණිකේ....රිදීමාගේ හද කෑ ගෑවේය.

රෙහානා.....අම්මා පැවසුවාය.

ඒ රිදීමාගේ නිවුන් සහෝදරියයි. දෙදෙනාම උන්නේ අවුරුදු පහක් පමණ වයසැති කාලයේ සිදුවෙමින් තිබූ රූපරාමු පෙළක් තුළය. සැණෙකින් එය වෙනස් වූයේය. කුඩා උද්‍යානයක ඔවුහු සෙල්ලම් කරමින් උන්නෝය. දිගුසායක් හැඳි තරබාරු ගැහැනිය, රිදීමා ඔන්චිල්ලාව මත තබා පැද්දුවාය. එය උඩයන වේගය පවා රිදීමාගේ හදවතට දැනුදු දැනුණේය. රෙහානා සිටියේ බිමවූ ගල්කැට අහුලමිනි.

චටාස් !යන හඬක් එකවරම ඇසුණේය. කෑ ගසා ඔන්චිල්ලාව අත්හළ ගැහැනියගේ නළලතින්  ලේ බිඳුවක් හැලූණේය. විසි වූ ඔන්චිල්ලාවෙන් කුඩා රිදීමා බිම වැටුණාය. අම්මා කොහෙන්දෝ මතුවූවාය. ඈ වහා දුවවුත් රිදීමා වඩා ගත්තාය. සුදුමැණිකේ යැයි යමක් කීමට තැනුවද, අම්මා ඊට ඉඩ නුදුන්නාය. රෙහානා බිම පෙරළෙනු, අඬනු ළඟට එන්නවුන්ට පයින් ගසනු රිදීමා  දුටුවාය.

ඒ ඇයි ?” රිදීමා ප්‍රශ්න කර ගත්තාය.

බේබිට බෙහෙත් දුන්නේ නැද්ද ?” අම්මා කාන්තාවගෙන් වමසුවාය.

දුන්නා චූටි මැණිකේ !කාන්තාව තවත් කඳුළක් පිසදාගත්තාය.

කමක් නෑ සුමනාවතී. අපි ගිහින් ඔය තුවලෙට බෙහෙත් ටිකක් දා ගනිමු.....අම්මා මඳකට නැවතී, ගැහැනියගේ නළල පරීක්‍ෂා කළාය.ලොකු තුවාලයක් නෑ. උඩින් පිපිරිලා විතරයි....තාමත් බිම පෙරළෙමින් උන් දැරිය මෙල්ලකළේ සුමනාවතිය. අම්මාගේ බෙල්ල බදාගත් ගමන් උන්නේ රිදිමාය. රෙහානාගේ දෙනෙතින් ගැලූ කඳුළු  ඈ මෙවර හොඳහැටි දුටුවාය.

තවත් රූපරාමුවක් ඇඳී, මැකී ගියේය. ඇය එවර උන්නේ නිදන කාමරයක වූ කුඩා ඇඳන් දෙකින් එකකය. උස්, මහත පුද්ගලයෙක්, රිදීමා තම උකුලේ තබාගෙන උන්නේය.සුද්දිව ඩොක්ටර් ළඟට ගෙනිච්චද ?” ඔහුගේ  හඬඉතා ගැඹුරු විය.

ඔව් ! අම්මා නැමී, නිදමින් සිටි රෙහානාගේ කුඩා පොරෝනය සකස් කළාය. ඇගේ දෑසෙහි වූයේ දුක්මුසු බැල්මකි. ඈ පහත්වී, කුඩා දැරියගේ මුහුණ සිපගත්තාය.

මම එන පහළොස්වෙනිදා  යනවා චූටි මැණිකෙ....අම්මා පහරක් වැදුණු එකියක මෙන් හිස එසවූවාය.

එතකොට අපි ?”

ඔයාට මාත් එක්ක එන්න කියලා කියන්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයිනේ ! මගේ ළඟට එන්නේ නැත්තේ ඔයයි....අම්මාගේ කපොල ඔස්සේ පැමිණි කඳුළක් පහළට රූරා ගියේය.

මම කොහොමද එහෙම එන්නේ?” ඈ ඇසුවාය. දැන්නම් රෙහානත් එක්ක කොහේවත් යන්න බෑ.හිඳ සිටි පුද්ගලයා, රිදීමා හෙමිහිට බිමින් තබා නැගී සිටියේය. ඔහු අම්මාගේ කම්මුලෙහි වූ කඳුළු බිඳුවක් සීරුවට පිස දමනු රිදීමා බලා සිටියාය.මම ඉක්මනින් එනවා චූටියේ. එතකල් ළමයි දෙන්නා බලාගෙන පරිස්සමින් ඉන්න...ඔහු ඉකිගසන අම්මා තම තුරුලට ගත්තේය. රිදීමා එම පුද්ගලයා වෙත ගොස් ඔහුගේ
දෙකකුල බදා ගන්නා හැටි වැඩිවිය පැමිණ සිටි රිදීමා දුටුවාය.

රිදී.... රිදී.....කවුදෝ ඇය සොලවනු රිදීමාට දැනුණේය.

ටිකක් ඉන්න. ඔච්චර හොලවන්න එපා.....කවුදෝ අණ කළේය. රිදීමා සෙමෙන් පියවි ලොවට පිවිසියාය. ඇය දෑස් හරින විට මහීකා, අමා මෙන්ම නදින් අය්යා, අජය සහ දිනූෂද එහි උන්නෝය.

මොකද මේ ?” නදින් අය්යා ඇගෙන් ඇසුවේය. ඔහුගේ දෑසෙහි පිරී තිබූ දුක, රිදීමා හඳුනාගත්තාය.

අපි යමු පහළට........තරුණයන්ගේද උදව් ඇතිව, නදින් අය්යා රිදීමා ඔසවා ගත්තේය. රිදීමා ඔහුට තුරුල් වූයේ ඉමහත් සෙනෙහසිනි. තරප්පු පෙළෙන් පහළට ඔවුන් තමා කෙසේ ගෙනාවාදැයි මතකයක් ඇය සතු නොවීය. යළි ඇස් හරිනවිට ඇය සිටියේ ඇගේ සුපුරුදු නිදන කාමරයේය. සියල්ලෝම තැන්, තැන්වලට වී ඇය
දෙස බලා උන්නෝය. සියලුම මුහුණුවල සටහන් වූයේ බරපතල බවකි.

රිදීමා හිඳගැනීමට තැනුවාය.

ඔහොම ඉන්න පොඩ්ඩක් හෙලවෙන්නේ නැතුව....අමා මෘදු ලෙස තෙපලූවාය. නදින් අය්යා මේසය අසල වූ පුටුවෙහි හිඳ හිස අත් ගසාගෙන උන්නේය. දිනූෂ දොර අසල බිත්තියට පිටදී උන් අතර අජය, සිටියේ මහීකා අසලින් සිටගෙනය.

ඇත්තටම මොකද මේ වෙන්නේ නදින් ?” අමා විමසූවාය. නදින් අය්යා කළේ හිස සැලීම පමණකි. අජය, දිනූෂ දෙස බැලීය. දිනූෂ බිම බලාගත්තේය.

දැන්වත් ඇත්ත කියන්න. මේක වහං කරලා අපි කාටවත් වෙන සෙතක් නැහැ. රිදීමාගේ හිත රිදෙනවා. අපෙත් හිත රිදෙනවා, නදින් !අමාගේ ස්වරය දැඩි වූයේය.

මේ රහස හන්දා බලන්න රිදීමා විඳින දුකක්. ඇත්ත කතාව කීවොත්, එයාගේ මතකයට එන්නේමෙන්න මේවාකියලා එයාට හිත හදාගන්න පුලූවන්. එයා ඒක කොච්චර පිළිගන්නවද, නැද්ද කියන එක අපට කියන්න බෑ. ඒත් ඒකෙන් එයාට මොනයම් ආකාරයට හරි ලැබෙන්නේ සැනසීමක්....

අම්මා දොර තීරය මෑත් කරමින් කාමරයට ඇතුලූ වූවාය. ඇගේ සෝබර මුහුණ දුටු රිදීමා තුළද ඇති වූයේ මහා දුකකි.

අම්මාඈ මිමිණුවාය. අමාද, මහීකාද රිදීමාගේ මව දෙස බැලූවෝය.

මේ නම් රිදීමාගේ මව නෙමෙයි....යන සිතුවිල්ල දෙදෙනාම එක්වර සිතුවෝය.

ඡායාරූපයේ උන් ගැහැනියට වඩා රිදීමාගේ මව බෙහෙවින් වෙනස් වූ නිසාය.


අඳුන් සිහින දහහත්වැනි කොටසින් නැවත හමුවෙමු.

19 comments:

  1. අනේ කතුවරියේ මේ කතාවනම් කොටස් වශයෙන් කියවා රස විදින්න හැකි එකක් නොවේ. එක එක දවසට එක එක ආරකට ඔබ කතාව හරවනවා. දැන් මට හිතෙන්නේ මේ සේරම කොටස් එක දිගට කියවිය යුතු කතාවකට උචිත ලෙසයි ඔබ රචනය කරන්නතේ

    ReplyDelete
    Replies
    1. පොතක් විදියට එලියට දාන්න හිතාගෙන තමා ලියන්නේ නලීන්.:)

      Delete
  2. හුරේ හුරේ මම කිව්වා හරි නේද?? රිදීමාට නිවුන් සහෝදරියක් හිටිය කියල මම කිව්වේ... මම දාපු මේල් එකට පිළිතුරක් එවල තිබ්බේ නෑනේ> නැත්තම් ඉතිරි ටිකත් මම හදපු විදියට එවනවා.. අද නම් කතාව කුතුහලයෙන් කියෙව්වා.. ලබන සතියේ ඉඳල මේ කතාව කාලසටහනට අනුව දාන්න කතුවරී කටයුතු කරයි කියල මම හිතනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ මේල් එකක් තිබුනේ නෑ අඟහරු. ඒක තරහා නැතුව ආපහු එවනවද? අඟහරු ලෝකේ ඉඳම එන්න එපා‍ය නේ. මගදි මොනවා හරි උනාද දන්නේ නෑ.

      ඔයා සිංහලෙන් උත්තර දෙන්න පටන් ගත්තු එක නම් හොඳයි.:)

      Delete
  3. කතාව වගේම පින්තූරෙත් රසවින්ඳා....

    ReplyDelete
    Replies
    1. කතන්දර මහත්තයාගේ ගෙදරදි ඇනෝලා මාව වට කරගත්තු හැටියට, මම නම් හිතුවේ මෙතනත් එයාලා පිරෙයි කියලා. ඔයාවත් ආපු එක හොඳයි. ඒ වගේම ගොඩක් ස්තූතියි.:D

      Delete
    2. කතුවරි ඇනෝලට බය වෙන්ට කාරි නෑ.
      ඇනෝලා කියන්නේ හුදෙක් විනෝදය පිනිස හෝ අඩුපාඩුවක් පෙන්නලා දෙන්න කමෙන්ට් කරන ජාතියක්. ඉදලා හිටලා කුණුහරුප ලිය ලියා යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්න ඇනෝ සංකල්පය කියන්නේ ගොඩක් හොඳ දෙයක් !
      බල්ලෙජ් ජරා කලහම අරන් දාලා දාන්න. හැමදාම එනවා නම් වැට කඩුලු අහුරලා තියන්න. ඇනෝ බ්ලොක් කරන්න නම් එපා.

      උඩ ඇනෝ

      Delete
    3. නෑ නෑ මම නම් කවුරුවත් බ්ලොක් කරලා නෑ. ඇනෝලා විවේචනය කරනවට අකැමැතිත් නෑ. ඇවිත් මගෙ නවකතාවල හොඳ නරක කියලා දුන්නා නම් ඒ ඇති.

      උඩ ඇනෝට ස්තූතියි. :D

      Delete
  4. E mail resent. Please check your spam folder as well.

    ReplyDelete
    Replies
    1. i already sent u a reply Anngaharu. didn't u get it?

      Delete
    2. අපේ ලෝකේ සේවා මේ ලෝකෙට සමාන කිරීම අපායත් දිව්‍ය ලෝකයත් සමාන කිරීමක් වනු ඇත. එහෙයින් එසේ කිරීමෙන් වලකින්න. අප ලෝකයේ තැපැල් මගදී අතුරුදහන් වන්නේවත්, 100ක් එව්ව එක මගට යද්දී 10ක් වන්නේවත් නැත.
      ඒ කෙසේ වෙතත්, අන්න මේල් එක ඒවා ඇත.
      අදත් කතාව ප්‍රමාදය..

      Delete
    3. මේල් එක ලැබුණා. ස්තූතියි අඟහරු. එයට පිළිතුරු ඉක්මනින් එවන්නම්. අළුත් කොටසත් ඉක්මනින් දාන්නම්.:)

      Delete
  5. යන්තම් දුවන්න වුනේ නෑ නේද..? මං බයේ හිටියේ ගෑනු ළමයි ටික පරීක්ෂණ කොරන්න ගිහින් සොල්දරේ පල්ලේ වැටිලා අතපය කඩා ගනී කියල. :D

    ReplyDelete
    Replies
    1. ගෑනු ළමයි ඉතින් බයවෙන්නේ මොකටද? අච්චර හැඩිදැඩි පිරිමි ළමයි ටිකක් ඉන්නකොට. නේද? :D

      Delete
  6. මේ කතාව පොතක් වෙලා එනතුරු මාත් ආසාවෙන් බලා ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. ඊලඟට 'සරණිගේ'කතාව :D

      Delete
  7. හරිනෙ ඉතිං.. අදත් මේක මඟෑරලනෙ කියවල තියෙන්නෙ.. නට් ලූස් වෙන එක අහන්නත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මාත් හිතුවේ. :D:D

      Delete
  8. ඊළඟ කොටසින් රහස එළිවෙයි නේ බලමු ඒකත්

    ReplyDelete

ඔබේ අදහස් මම ඉතා අගේ කොට සලකමි.
I greatly value your feedback.